ශ්‍රී දෙවසුමන දහම් පාසල




ක්‍රි.ව. 1895-1900 පිහිටුවා තිබූ ‘පූර්වාරාම ධර්මවිජය ඉරිදා බෙෳද්ධ පාඨශාලාව ගරු ආඳාවල සාරානන්ද නාහිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් පවත්වාගෙන ආ අතර 1947 දී ‘ශ්‍රී දේවසුමන දහම් පාසල ලෙස ප්‍රතිනාමකරණය කර ඇත. ඒ දෙදියවල දෙවසුමන නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ය. ජී.ඩී.සී. විජේසේකර මහත්මිය ආරම්භක ප්‍රධානාචාර්ය ධුරය දැරූ අතර සාමවිනිසුරු සෝමා පෙරේරා මහත්මිය හා ගරු මොරොන්තුඩුවේ සෝභිත හිමියෝ ප්‍රධානාචාර්ය ලෙස දහම් පාසලට නායකත්වය ලබාදුන්හ. වත්මන්හි ප්‍රධානාචාර්ය පදවිය දරන්නේ ශාස්ත්‍රෙව්දී ගරු තලංගල්ලේ අනුරුද්ධ හිමියන් ය. ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 400 ක් පමණ අධ්‍යාපනය ලබන ශ්‍රී දෙවසුමන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත වේ. කළුතර තොටමුණ දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලය මඟින් පවත්වනු ලබන මාණ්ඩලික තරඟයන්ගෙන් ප්‍රථම ස්ථාන රැසක් හිමි කරගෙන ඇති අතර සමස්ත ලංකා දහම් පාසල් තරඟ සඳහා 2015, 2016 වර්ෂයන්හි ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ හතර (4) දෙනෙක් ඉදිරිපත් වූහ.