කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන්හි අතීතය සහ වර්තමානය




ක්‍රි.ව. 1852 දී පූර්වාරාම ශාස්ත්‍රශාලාව නමින් ඇරඹුණු මෙම පිරිවෙණ එතැන් සිට ගරු නවුත්තුඩුවේ සිද්ධාර්ථ හිමි, ගරු අංගාගොඩ මෙධංකර හිමි, ගරු ඕමත්තේ විපස්සී හිමි, ගරු ඕමත්තේ සුමනතිස්ස හිමි, ගරු මුල්ලේරියාවේ සුමතිපාල හිමි, ගරු ආඳාවල සාරානන්ද නාහිමි යන හිමිවරුන්ගේ ආධිපතිත්වය යටතේ අඛණ්ඩව පවත්වාගෙන ආ අතර 1964 වර්ෂයේ දී රජය අනුමත පිරිවෙණක් බවට ජී.එස්.පී.ඒ. 145-1966-06-14 දිනැතිව ලියාපදිංචි කර ඇත. එතැන් සිට ගරු උළුවිටිකේ සංඝරතන හිමි (1964), ගරු බණ්ඩාරියගොඩ පියතිස්ස හිමි (1964-1976), ගරු ආඳාවල දේවසිරි හිමි (1967-1971), ගරු ඕවිටිගල වජිරඤාණ හිමි (1971), ගරු ආඳාවල දේවසිරි හිමි (1971-1976), ගරු මගුරේ ඤාණිස්සර හිමි (1976-1977), ගරු පිඹුරේ ඤාණාලෝක හිමි (1977-1980), ගරු දොඩම්ගොඩ ඤාණසීහ හිමි (1981-1982), ගරු පෝරේගෙදර සුමනවංස හිමි (1982-1986), ගරු නාහල්ලේ උපාලි හිමි (1986-1990), ගරු නෙලුවේ සුමනවංස හිමි (1990-1994), ගරු අතුරුවැල්ලේ ජිනරතන හිමි (1994-2016) පරිවෙණාධිපති ධුරය දරමින් විශාල ශාස්ත්‍රීය සේවාවන් පවත්වාගෙන ආහ. 

වර්තමාන පරිවෙණාධිපති ගරු මෙදේරිපිටියේ රාහුල හිමියන් ය. මූලික පිරිවෙණක් වන මෙහි මූලික පිරිවෙන් 1 වසර සිට 5 වසර තෙක් පන්ති හතක් පැවැත්වෙන අතර ආචාර්ය මණ්ඩලය ශාස්ත්‍රපති ගරු අතුරුවැල්ලේ ජිනරතන හිමි, ප්‍රවීණාචාර්ය ගරු කළුතර විමලඤාණ හිමි, ශාස්ත්‍රපති ගරු නෙලුවේ ආනන්ද හිමි, ශාස්ත්‍රවේදී ගරු කෝන්ගොඩ විමලඤාණ හිමි, පුහුණු ගුරු කේ.පී. කුමාරදේව මයා, පුහුණු ගුරු නලින් චින්තක මයා හා ශාස්ත්‍රවේදී නාලක කුමාර මයා යන ගිහි-පැවිදි අට දෙනෙකුගෙන් සමන්විත වේ. ශිෂ්‍ය සංඛ්‍යාව 70 ක් පමණවන අතර විදේශීය ශිෂ්‍යයෝ ද අධ්‍යාපනය ලබති. මූලික පිරිවෙන් අවසාන විභාගයෙන්, සමස්ත ලංකා සිවුවෙනි ස්ථානය 19 ද හිමි කරගත් මෙම පිරිවෙණ පසුගිය වර්ෂ කිහිපය තුළ ගායනා තරඟ, ඉංග්‍රීසි, ත්‍රිපිටක ධර්මය යන විෂයයන්ගෙනි. මාණ්ඩලික තරඟ විභාගයන්ගෙන් පළමු වන හා දෙවන ස්ථාන කිහිපයක් ම හිමි කරගෙන තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙන් අතර පළමු වන ශ්‍රේණිය සඳහා විශේෂ පන්තියක් පවත්වාගෙන යන පිරිවෙන් අතරින් ද දෙවැන්න ධර්මවිජය පිරිවෙණ යි. 2018 වර්ෂය එක් ඉලක්කයක් වන පැවිදි සිසුන් සියයක් දක්වා වර්ධනය කරගැනීමට ළංවෙමින් පවතී.