ශ්‍රී පූර්වාරාම ධරමවිජය පිරිවෙණ්හි අරමුදල්




I.                  දෙදියවල දෙවසුමන අරමුදල

ගෙෳරවාර්හ දෙදියවල දෙවසුමන හිටපු විහාරාධිපති නාහිමියන් රුපියල් ලක්ෂ පණහක් (5,000,000) ස්ථිරව තැන්පත් කොට මෙම අරමුදල පිහිටුවා වාර්ෂික පොළියෙන් විහාරස්ථ ගොඩනැගිලිවල තීන්ත ආලේප කිරීම හා නඩත්තු කිරීම සඳහා භාරකාර මණ්ඩලයක් පත් කර ඇත. 

II.               ගිලානෝපස්ථාන අරමුදල

අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඉන්ද්‍රාණී කාරියවසම් මෙනවිය විසින් රුපියල් ලක්ෂයක් ස්ථිරව තැන්පත් කොට අරඹන ලද මෙම අරමුදලෙන් විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය ලබාගැනීමට හා වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා වැය වන මුදල ප්‍රතිපූරණය කර ගැනීමට පුළුවන.

III.           ශ්‍රී දෙවසුමන දහම් පාසල් ත්‍යාග අරමුදල

විහාරස්ථ ශ්‍රී දෙවසුමන දහම් පාසලේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට වාර්ෂිකව ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය සඳහා නෙලුවේ සුමනවංස හිමි, රන්ජිත් බෙනරගම මහත්මා, දිමුත් ජයතිලක මහත්මා, අශෝක මහත්මා, පුෂ්පා කරුණාතිලක මෙනවිය හා අනෝමි ගුණසේකර මහත්මිය ඇතුළු පරිත්‍යාගශීලීන් පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ දහයක් ස්ථිරව තැන්පත් කොට මෙම අරමුදල පිහිටුවා ඇත. දහම් පාසල් ප්‍රධානාචාර්ය ඇතුළු තිදෙනෙකු මගින් මූල්‍ය අරමුදල පාලනය කෙරේ. 

IV.           ධර්මවිජය පිරිවෙන් ත්‍යාග අරමුදල 

මහාචාර්ය නෙලුවේ සුමනවංස හිමියන් විසින් පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ දහයක් ස්ථිරව තැන්පත් කොට මෙම අරමුදල පිහිටුවා ඇත. වාර්ෂිකව ලැබෙන පොළී මුදලෙන් දක්ෂතා දක්වන සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම මෙහි අරමුණ ය. 

V සිවුපස අරමුදල

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන්හි නේවාසිකව අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට සිවුපස පහසුකම් සලසා දීම සඳහා මෙම අරමුදල පිහිටුවීමට අපේක්ෂිත ය.