ශ්‍රී පුර්වාරාම ධර්මවිජය පිරිවෙණෙහි වර්තමානය



වත්මන් ව්හරාධිපති
මහාචාර්ය රාජකීය පණ්ඩිත නෙලුවේ සුමනවංස හිමිපාණන්

 ශ්‍රී පුර්වාරාම ධර්මවිජය පිරිවෙණෙහි වර්තමානය 

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණට අයත් විහාරස්ථාන ගණයට අයත් වන  ස්ථාන කිහිපයකි. එනම් කළුතර කටුකුරුන්ද, ශ්‍රී ධර්මාරාම මාවත, ශ්‍රී සුසීමාරාමය, තෙබුවන යටවර හන්දිය තලහිටිය ශ්‍රී ආනන්දාරාමය, බත්තරමුල්ල ජයවඩනගම හේන මෛත්‍රී ධර්මායතනය, හෝකන්දර ඇවරිහේන බෝධිවර්ධන විහාරය හා මැලේසියාවේ විහාරය යි. එම විහාර ගණයේ වත්මන් විහාරාධිපති මහාචාර්ය නෙලුවේ සුමනවංස හිමිපාණන් ය. 2017 වර්ෂයේ දී ආධිපතිත්වයට පත් මුන්වහන්සේ ශ්‍රී ලංකා බෙෳද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය පදවිය ද දරති. එසේ ම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරය ද දරති. පිරිවෙන් විහාරස්ථ භූමිය නාය යාමෙන් බේරාගැනීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා හා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා මැතිඳුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙන් ම රාජ්‍ය ප්‍රතිපාදනයෙන් මිලියන 24 ක් වැය කොට සංරක්ෂණ කටයුතු සිදුකරවන ලද්දේ වත්මන් විහාරාධිපතීන් වහන්සේගේ අනුශාසකත්වයෙනි. ධර්මධර, විනයධර, ආදර්ශමත් යතිවරයෙකු ලෙසින් මුන්වහන්සේගේ නායකත්වය යටතේ සුවිශේෂ දියුණුවක් කරා විහාරස්ථානය පියනගමින් පවතී.

නව පිරිවෙන් ගොඩනැගිල්ල්ල


නව චෛත්‍ය 
 



පිරිවෙන් භුමියේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධි ශාකාව