.
විහාරස්ථානයෙන්
සිදු කෙරෙන සේවාවන්
Ø ශ්‍රී
පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ මඟින් ගිහි-පැවිදි සිසුන්ට සිංහල, පාලි,
සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ගණිතය, ඉංග්‍රීසි විෂයඥනය හා ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ
අධ්‍යාපනය ලබාදීම, විවිධ ආගමික කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කිරීම.
Ø කළුතර
නගරය වටා බොහෝ සිද්ධස්ථානයන්හි ආගමික හා සාමාජික කටයුතු සඳහා මානව සම්පත් ලබාදීම.
Ø ‘ශ්‍රී
දෙවසුමන දහම් පාසල’
මඟින් ප්‍රදේශයේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදී සදාචාර සමාජයක් බිහි කිරීමට
මාර්ගෝපදේශ දීම.
Ø ‘පිරිවෙන්
විහාරස්ථ දායක සභාව’
මඟින් ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් විවිධ
ආගමික කටයුතු සංවිධානය කිරීම. සීල සමාදානය, බෝධිපූජා, විශේෂ ආගමික පුද පූජා, භාවනා
වැඩ සටහන් ආදිය ක්‍රියාත්මක කොට පවත්වාගෙන යාම.
Ø ‘ශ්‍රී
ධර්මචාරිණී කාන්තා සමිතිය’
මඟින් සීල සමාදාන, ධර්මදේශනා, බෝධි පූජා, ධර්ම සාකච්ඡා, අටවිසි බුද්ධ පූජා,
ධර්ම චාරිකා වැඩ සටහන් සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම, කාන්තා පිරිස් ගුණ
ධර්මයන්ගෙන් සවිබල ගැන්වීම.
Ø ‘ධර්මවිජය
තරුණ සංසදය’
මඟින් ප්‍රදේශයේ තරුණ පිරිස් එක් රැස් කොට ප්‍රජා නායකත්ව පුහුණුව, ආගමික හා සමාජ
සේවා කටයුතු සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
Ø ‘සංකථොදය
ශිෂ්‍ය සමිතිය’
පාරිවේණික සිසුන්ගෙ වාග් කුශලතා අභිවර්ධනය කිරීම.
Ø ‘ශ්‍රී
දෙවසුමන දහම් පාසල් ගුරු දෙගුරු සංගමය’ දහම් පාසලේ අධ්‍යාපන ලබන දරුවන්ගේ
දෙමාපියන් එක් රැස් කොට යහපත් දූ දරු පිරිසක් ඇති කරගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම
සඳහා වැඩ සටහන් සිදු කිරීම.
Ø ‘ශ්‍රී
දෙවසුමන දහම් පාසල් ශිෂ්‍ය සංගමය’
මගින් දහම් පාසල් සිසුන් තුළ විවිධ ශක්‍යතා එළිදැක්වීමට වේදිකාවක් විවර කරදීම.
Ø දේශීය
නර්තනය සඳහා සිසුන් පුහුණු කිරීම.
Ø ධර්මවිජය
පදනම මගින් ප්‍රදේශවාසීන්ගේ සුභ සාධන කටයුතු සඳහා උපකාර කිරීම, විහාරස්ථාන වටා
පිරිස් එක් රැස් කිරීම, විවිධ අධ්‍යාපනික, සමාජ සේවා කටයුතු සංවිධානය කිරීම.